පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්

මෙරට අධ්‍යාපනය පද්ධතිය තුළ පෙරපාසල් අධ්‍යාපනය සඳහා ලැබිය යුතු ප්‍රමුඛතාව සහ විශේෂතා පිළිබඳ මූලික අවධානය යොමු කරමින් පෙරපාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

 

ඒ ඊයේ (19) දිනයේ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ දී.

ප්‍රාථමික අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂඥ උපදෙස් අනුව මේ වන විට සකස්කොට තිබෙන දළ පිටපත පිළිබඳ වැඩිදුර අධ්‍යයනයටත් එහි සිදු විය යුතු සංශෝධන පිළිබඳ සොයා බලා අවසන් තීරණයක් ගැනීම සඳහාත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන්වහන්සේගේ සභාපතිත්වයෙන් නව දෙනෙකුගෙන් යුත් කමිටුවක් එහිදී පත් කෙරිණි.

ඒ අනුව අදාළ කමිටුවේ නිර්දේශ සහිත ව මේ පිළිබඳ අවසන් තීරණ ගැනීම සඳහා 2020/12/11 වැනි දින අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව රැස්වීමට නියමිත ය.

Exit mobile version