පිටකොටුවේ පිහිටි මැනිං වෙළෙඳ සංකීර්ණය අද සිට පෑලියගොඩට

කොළඹ පිටකොටුවේ පිහිටි මැනිං වෙළෙඳ සංකීර්ණය අද සිට පෑලියගොඩ ප්‍රදේශයේ ස්ථාපනය කෙරිණි.

 

ඒ , අතිනවීන පහසුකම්වලින් සමන්විත ගොඩනැගිලි සංකීර්ණයක් තුළ වන අතර වඩා ඉඩ පහසුකම්වලින් යුත් මෙම නව මැනිං වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳ කටයුතු ඉදිරි සතිය තුළ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා සදහන් කළේය.

ඒ මහතා පැවසුවේ මෙම වෙළෙඳ සංකීරණයේ පරිපාලනය සඳහා විශේෂ කාර්ය මණ්ඩලයක් පත් කරන බවයි.

මෙරට ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයෙකු වූ ශ්‍රීමත් විලියම් හෙන්රි මැනිං මහතාගේ මග පෙන්වීම මත මෙම වෙළෙඳපොළ වෙළෙඳුන්ට ලබා දී තිබේ.

Exit mobile version