විදෙස්ගතව සිටි තවත් පිරිසක් දිවයිනට

මෙරටට පැමිණීමට නොහැකිව විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 411 දෙනෙක් අද (21) අලුයම දිවයිනට පැමිණ තිබේ.

 

කටාර්, එක්සත් අරාබි එමීර් සහ ඉන්දියාවේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් මෙලෙස දිවයිනට පැමිණි බව සඳහන්.

ඔවුන් සියලු දෙනා පී.සි.ආර් පරීක්ෂණවලට යොමුකිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති බව වාර්තා වේ.

Exit mobile version