නීතිවිරෝධි ගංජා සහ කහ ප්‍රවාහනය කළ 2ක් අල්ලයි

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද කහ සහ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

මන්නාරම පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

සැකකරුවන් විසින් අදාළ කහ සහ ගංජා තොගය බෝට්ටුවකින් ප්‍රවාහනය කරමින් සිටියදී සායිඩ්සිටි ගම්මානය පිටුපස කලපුවේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

එහිදී කහ කිලෝග්‍රෑම් 721යි ග්‍රෑම් 500ක් සහ ගංජා කිලෝග්‍රෑම් 03යි ග්‍රෑම් 730ක් පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරුවන් අද (21) මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Exit mobile version