ලසන්ත ඝාතනයට හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු අත්අඩංගුවට

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මෙම සිද්ධියට අදාළව කරුණු වසන් කිරීමේ චෝදනා යටතේ මොහු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා ඊයේ(13) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
පොලිසිය පැවසුවේ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය සිදුවූ කාලයේ ගල්කිස්ස ප්‍රදේශය භාරව, බස්නාහිර දකුණ පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය‍ පොලිස්පතිවරයා ලෙස ඒ මහතා කටයුතු කර තිබූ බවයි.
Exit mobile version