අද (25) දින උදෑසන වන විට මෙරටින් කොවිඩ් නයින්ටීන් රෝගීන් 458ක් හදුනාගෙන තිබේ.
ඊයේ (24) දිනය තුළ හඳුනාගත් නව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 259 ක් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය.
කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 78 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 23 දෙනෙකු හඳුනා ගෙන තිබේ.
ම්නුවන්ගොඩ කම්හලේ පොකුර – 3059
කොළඹ මාළු වෙළදපොලේ පොකුර – 14,373
ඊයේ දිනය වන විට මෙරට තුල වෙෙරසය ආසාදනය වු සම්පුර්ණ පුද්ගලයින් ගණන 20,965 ක් වන අතර 14,961 ක් පුර්ණ සුවයලබා රෝහල් වලින් බැහැරව ගොස් තිබේ.
ඊයේ වන විට රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 5910 ක් තවදුරටත් ප්‍රතිකාර ලබයි.
තවද අද වන විට ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 45ක් තුළ පුද්ගලයින් 4797ක් නිරෝධායනය වෙම්න් සිටියි.
ඊයේ දිනයේ දී මෙරටින් කොවිඩ් මරණ 4ක් වාර්තා වීමත් සමග මෙරට සිදුව ඇති කොවිඩ් මරණ ගණන 94ක් දක්වා ඉහළ ගොස් ඇත.