හුදකලා කළ ප්‍රදේශවලට නොම්ලේ ජංගම වෛද්‍ය සායනයන්

හුදකලා කර ඇති ප්‍රදේශවල නිවෙස්වල සිටින විවිධ නිදන්ගත රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයින්ගේ සෞඛ්‍ය තත්ත්වය සොයා බැලීම සදහා වෛද්‍යවරුන් කිහිපදෙනෙකුගෙන් සමන්විත ජංගම ආකාරයෙන් විමර්ශණයක් සිදු කෙරේ.

 

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ සෞඛ්‍ය අංශවල දායකත්වය මත මෙම වැඩපිළිවෙල දියත් කරනු ලබන බවය.

පසුගියදා ජනාධිතිතුමා ද විශේෂයෙන් උපදෙස් දී ඇත්තේ නිවෙස්වල සිදුවන කොවිඩ් මරණ සංඛ්‍යාව හැකිතාක් අවම කර ගන්නා ලෙසටය.

ඒ අනුව විශේෂයෙන්ම යම් පවුලකින් කොරෝනා ආසාදිතකයෙකු හදුනාගනු ලැබුවහොත් එම නිවසේ සිටින නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයින් ගැන විශේෂයෙන් සොයා බැලීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක බව යුද හමුදාපතිවරයා පැවසීය.

Exit mobile version