පොලිස් නිලධාරියාව අනතුරට ලක්කර පළාගිය ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට

කොබෙයිගනේ ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙකු අනතුරට ලක්කර පළාගිය ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

 

අද (29) උදෑසන නිකවැරටිය ප්‍රදේශයේ දී නිකවැරටිය පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

අදාළ ටිපර් රථය කුලියාපිටිය ප්‍රදේශයේ දමාගොස් තිබිය දී පොලිසිය විසින් අද උදෑසන සොයාගනු ලැබීය.

දැඳුරු ඔයේ වැලි ජාවාරමේ නිරත පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ මෙහෙයුමක දී අදාළ ටිපර් රථ රියදුරා විසින් පොලිස් නිලධාරියෙකු යටකර පලාගොස් තිබුණි.

එහිදී බරපතළ තුවාල ලැබූ 32 හැවිරිදි එම නිලධාරියා නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

Exit mobile version