ශ්‍රී ලංකන්-මිහින් ලංකා කොමිසමේ වංචා දූෂණ පිළිබඳ සොයා බැලීමේ වැඩ අාරම්භ වෙයි

Share

ශ්‍රී ලංකන් එයාර් ලයින්ස්, සීමාසහිත ශ්‍රී ලංකන් කේටරින් මිහින් ලංකා ආයතනවල සිදුවී තිබෙන වංචා දූෂණ පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ ප්‍රථම රැස්වීම ඊයේ (15) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කළ කොමිසම සභාපතිවරයා ලෙස හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු – අනිල් ගුණරත්න මහතා ඇතුළු සෙසු සාමාජිකයින් වන හිටපු අභියාචනාධිකරණ විනිසුරු ඊ. ඒ.පී.ආර්. අමරසේකර, හිටපු මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, හිටපු නියෝජ්‍ය විගණකාධිපති එම්.ඩී.ඒ. හැරල්ඩ් මහත්වරු ඇතුළුව විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂක ජනරාල් ඩබ්ලිව්. ජේ.කේ. ගීගනගේ මෙනවිය වෙත පත්වීම් ලිපි ජනාධිපතිතුමා පෙරේදා (14) භාර දුන්නේය.

කොමිසමේ ලේකම්වරයා ලෙස ක්‍රියා කරන්නේ එච්.ඩබ්ලිව්. ගුණදාස මහතාය. ඒ මහතා බරපතළ වංචා දූෂණ රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳව ජනාධිපති පරීක්ෂණ කොමිසමේ ලේකම්වරයා ලෙස මීට පෙර කටයුතු කළේය.

වසර 2006 ජනවාරි 6 දා සිට වසර 2018 ජනවාරි 31 දා දක්වා ශ්‍රී ලංකා එයාර් ලයින් සීමාසහිත ශ්‍රී ලංකන් කේටරින් සහ මිහින් ලංකා සමාගම්වල සිදුවන වංචා දූෂණ රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳව කොමිසම පරීක්ෂණ සිදුකරනු ලැබේ.

Read more

Local News