ඊයෙත් වැඩිම ආසාදිතයින් කොළඹින් වාර්තා වෙයි

Share

ඊයේ (19) දිනයේ දී මෙරටින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 618ක් හඳුනාගෙන තිබේ.

 

එම ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම පිරිස 241ක් වන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

තවද, කළුතරින් නව ආසාදිතයින් 120ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 99ක් වාර්තා වී තිබේ.

කොවිඩ් නයින්ටීන් මරණ ගණන 171ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News