ටිබෙටයේ ඓතිහාසික බෞද්ධ පුදබිමක් වන යොඛාන්ග් ආශ්‍රමය හදිසියේම ගිනි බත් වෙයි

Share

ටිබෙටයේ ඓතිහාසික බෞද්ධ පුදබිමක් වන යොඛාන්ග් ආශ්‍රමය හදිසියේම ගිනි බත් වී තිබේ. යොඛාන්ග් ආශ්‍රමය යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද වසර දහසකටත් වඩා පැරණි ඓතිහාසික බෞද්ධ පුදබිම කිලාසා අගනුවර පිහිටි සෙසු පුදබිම් අතර ප්‍රමුඛත්ථානය හිමි කර ගන්නා මේ බෞද්ධ විහාරය ගින්නට හසුව එහි වහලය කඩා වැටෙන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන අන්තර්ජාලයේ පළ වී ඇති බවයි වාර්තා වන්නේ.

එම දර්ශන සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වීම වහාම වළක්වාලීමට චීන බලධාරීන් උත්සාහ දරන ලද බවටත් වාර්තා ලැබෙයි. කෙසේ වෙතත් එම ගින්නෙන් කිසිවකුට හානියක් සිදු වී නැති බව වාර්තා වේ.

ගින්නෙන් විනාශ වී ගිය විහාරස්ථානයට සිදු වූ හානියේ තරම තක්සේරු කරනු ලැබ නැති අතර විහාරස්ථානයේ වැඩ සිටි සංස්කෘතිකමය වටිනාකමක් සහිත ධාතූන් වහන්සේලාට හානි සිදුව නැති බව චීන රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කරයි. එම ගින්න වහාම මැඩ පැවැත්වූ බැවින් හානිය අවම කර ගැනීමට හැකි වූ බව එම ප්‍රකාශයේ දැක්වේ.

Read more

Local News