වැසි තත්ත්වයේ වැඩි වීමක්

Share

දිවයින ආසන්නයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන් වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරුමැද පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. සෙසු ප්‍රදේශවල තැනින් තැන විශේෂයෙන්ම, සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

නැගෙනහිර, ඌව, මධ්‍යම සහ සබරගමුව පළාත් වලත් ගාල්ල, මාතර, කළුතර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානවලට තදවැසි (මි.මී. 100 වැඩි) ඇති විය හැක.

දිවයිනේ උතුරු සහ වයඹ පළාත් වලත් අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වලත් විටින් විට හමන (පැ.කි.මී40දක්වා) තරමක් තද සුළං බලාපොරොත්තු වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

Read more

Local News