ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය තිසර පෙරේරාට

Share

නිදහස් කුසලාන පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරඟ දෙක සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය තිසර පෙරේරාට ලබා දී ඇත.

බංග්ලාදේශය සමග පැවති තරඟයේ දී අඩු පන්දු වේගයක් පවත්වාගෙන යාම හේතුවෙන් නායක දිනේෂ් චන්දිමාල්ට තරඟ දෙකක තහනමක් පැනවීමට තරඟ තීරකවරයා තීන්දු කර අැත.

කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ගේ තරඟ ගාස්තුවෙන් සියයට හැටක් කපා දැමීමටත් එහිදී තීරණය වීය.

ඒ අනුව ඉන්දියාව සමග අද (12) පැවැත්වීමට නියමිත තරඟයට සහ බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත මීළඟ තරඟය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායකත්වය තිසර පෙරේරාට ලබා දී තිබේ.

 

Read more

Local News