ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තුට

Share

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට චමරි අතපත්තු නම් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාර්ථකම පිතිකාරිනිය වන චමරි අතපත්තු පාකිස්තාන කාන්තා පිලේ ශ්‍රී ලංකා සංචාරයේදී කණ්ඩායම මෙහෙයවනු ඇති බවයි.

එක්දින තරඟ තුනක් හා විස්සයි විස්ස තරඟ තුනකින් සමන්විත මෙවර පකිස්ථාන පිලේ ශ්‍රී ලංකා සංචාරය හෙට (20) රන්ගිරි දඹුල්ල ක්‍රීඩාංගනයෙන් ආරම්භ විමට නියමිතය.

ලෝක කුසලානයේදී ඔස්ට්‍රේලියාව සමග පැවති තරඟයේ වාර්තාගත ලකුණු 178 ලබාගෙන චමරි අතපත්තු ජාත්‍යන්තර අවධානය දිනාගත් අතර ඉන් අනතුරුව එංගලන්ත හා ඕස්ට්‍රේලියානු කාන්තා විස්සයි විස්ස තරඟ සඳහා නියෝජනයක් ලබාගැනීමට ඇය සමත්විය.

චමරි අතපත්තු මීට වසර කිහිපයකට පෙර ද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවා ඇති අතර පසුව ඇයට නායකත්වය අහිමි විය.

Read more

Local News