Home දේශීය පුවත් ජනපති මුතුරාජවෙල අභය භූමි ප‍්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක

ජනපති මුතුරාජවෙල අභය භූමි ප‍්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක

0
ජනපති මුතුරාජවෙල අභය භූමි ප‍්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක

ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන මහතා අද (22) මුතුරාජවෙල අභය භූමි ප‍්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය. අනතුරුව ප‍්‍රදේශයේ මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරින් මෙන්ම ආරක්ෂක අංශ ප‍්‍රධානින් සමග විශේෂ සාකච්ඡාවකට එක්විය.

මුතුරාජවෙල අභය භූමි ප‍්‍රදේශයේ සිදුකෙරෙන ඉදිකිරීම්, ගොඩකිරීම් ඇතුළු පරිසර විනාශයට හේතුවන සියලු කි‍්‍රයාකාරකම් වහාම තහනම් කිරීමටත්, එහි යම් ඉඩම් කොටස් ගොඩකිරීම සඳහා යම් රාජ්‍ය ආයතනයක් මගින් දැනට කුමන හෝ අවසරයක් ලබාදී ඇත්නම් ඒ සියල්ල අහෝසි කිරීමට ද ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දුන්නේය.

එමෙන්ම මෙවැනි පරිසර විනාශයන්ට අනුග‍්‍රහය දක්වන හෝ දැක්වූ රාජ්‍ය නිලධාරින් සිටීනම් ඔවුන්ට එරෙහිව ද විනය කි‍්‍රයාමාර්ග ගැනීමට ජනාධිපතිතුමා අදාළ අංශ දැනුවත් කළේය.

පරිසර සංරක්ෂණ ප‍්‍රදේශයක් ලෙස මෙහි පවතින සියලු ඉඩම් වනජීවි සහ පරිසර සංරක්ෂණ කලාප ලෙස ගැසට් කිරීමේ හැකියාව පිළිබඳ නීති උපදෙස් ලබාගැනීමට ද ජනාධිපතිතුමා මෙහිදී නිලධාරින්ට උපදෙස් දෙන ලදී.

සින්නක්කර ඔප්පු සහිත ඉඩමක වුව ද පාරිසරික බලපෑම් ඇතිකරන්නේ නම් එහි ගොඩකිරීම් සහ ඉදිකිරීම් සඳහා ඉඩදිය නොහැකි බව අවධාරණය කළ ජනාධිපතිතුමා මෙම කි‍්‍රයා පිටුපස දේශපාලන බලවේග තිබේනම් ඒවාට එරෙහිව ද නොපැකිළිව කටයුතු කරන බව කියා සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here