ලොරියක් දුම්රියේ ගැටී අනතුරක් – ලොරි රථයට දැඩි අලාභ හානි

Share

කැලණිවැලි දුම්රිය මාර්ගයේ වටරැක දුම්රිය ස්ථානය ආසන්නයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා ගමන් ගත් ලොරියක් කොළඹ කොටුවේ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ දුම්රියේ ගැටී සිදු වු අනතුරකින් ලොරි රථයට දැඩි අලාභ හානි සිදුව ඇතැයි මීපේ පොලිසිය පවසයි.

අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය අසල පිහිටි ඇගළුම් කර්මාන්තශාලාවක සිට එහි භාණ්ඩ තොගයක් ප‍්‍රවාහනය කරමින් සිටි මෙම ලොරි රථය දුම්රිය හරස් මාර්ගය මත නතර වී තිබේ.

ලොරි රථය දුම්රිය හරස් මාර්ගයෙන් ඉවත් කිරීමට කටයුතු කළ ද ඒ අවස්ථාවේ දී පැමිණි දුම්රියේ ලොරි රථය ගැටී ඇති බවද පොලිසිය පවසයි.

අනතුරත් සමඟ ලොරි රථයේ රියදුරු පලා ගොස් ඇති අතර රථයේ හිමිකරු පොලිසියට ඉදිරිපත් වී ඇති බව ද පොලීසිය සඳහන් කළේය.

Read more

Local News