වන අලි පහරදීමකින් ගොවියකු මරුට

Share

අද (26) අලුයම අරලගංවිල, මහදමන ප්‍රදේශයේදී වන අලියකු පහරදීමෙන් ගොවියකු මිය ගිය බව අරලගංවිල පොලිසිය පවසයි.

බඩ ඉරිඟු හේන වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා පැල් රකිමින් සිටි ගොවියකු මෙලෙස මිය ගොස් ඇත.

හේනට කඩා වැදී බඩ ඉරිඟු වගාව විනාශ කරමින් සිටි අලියා පළවා හැරිමට උත්සහ කරද්දී පසුපස පන්නාගෙන විත් පහරදී ඇති බව පොලිසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත.

Read more

Local News