බන්ධනාගාර පුනරුත්ථාපන කොමසාරිස් අත්අඩංගුවට

Share

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ රැඳවියන් 27දෙනෙකු ඝාතනය වීම සම්බන්ධයෙන් වර්තමාන බන්ධනාගාර පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් එමිල් රංජන් ලමාහේවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අංක 142, බේස්ලයින් පාර, කොළඹ 09 ලිපිනයේ පිහිටි බන්ධනාගාර නිල නිවසේ දී ඊයේ (28) රාත්‍රියේ ඔහුව මෙලෙස අත්අඩංගුවට පත්වු බවයි.

මොහු 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් ඝාතනය කිරීමේ සිදුවීම වන විට වැලිකඩ මැගසින් බන්ධනාගාරය බාරව, බන්ධනාගාර අධිකාරීවරයා ලෙස කටයුතු කර ඇත.

මේ අතර මෙම සැකකරු හා මෙයට අදාළව ඊයේ දිනයේ දී අත්අඩංගුවට පත් පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ද අද අලුත් කඩේ අංක 02 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News