බක් පුර පසළොස්වක පොහොය දිනය අදයි

Share

බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (31) යෙදී අැත.

අද වැනි බක් පුර පසළොස්වක පොහොය දිනක ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් වාර්තා වෙයි.

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය, ලක්දිව දෙවන වරට බුදු සිරිපා පහසින් පිවිතුරු බවට පත්වූයේත්, බුදුරදුන්ගේ සවනක් රැස් කඳින් මුළු හෙළදිව ආලෝකමත් වූයේත් අද වැනි බක් පොහෝ දිනයකදීය.

බුදුරදුන් ලක්දිව නාගදීපට වැඩමකොට මැණික් පුටුවට යුධ වදිමින් සිටි චුල්ලෝධර – මහෝදර නා රජුන් දෙදෙනාට ධර්ම දේශනා කොට ඔවුන් සාමදාන කිරීම.

එමෙන් ම සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලාගේ රුව දැක තිබුණේ ද අද වැනි බක්පුර පසලොස්වක පොහෝ දිනකදීය.

Read more

Local News