කැබිනට් මණ්ඩල සංශෝධනයෙන් පසු නව අැමතිවරු 18ක් දිවුරුම් දෙති

Share

වර්තමාන රජයේ තවත් කැබිනට් මණ්ඩල සංශෝධනයක් ඊයේ (01දා) ජනපති ලේකම් කාර්යාලයෙදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

නව කැබිනට් අමාත්‍යවරු 18 දෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ඊයේ(1) දින පෙරවරුවේ දිවුරුම් දුන්හ. කැබිනට් සංශෝධනයට අදාළ අමාත්‍යවරුන් පමණක් දිවුරුම් දිම සිදු කෙරුණු අතර සෙසු කැබිනට් අමාත්‍යධුර එලෙසම ක්‍රියාත්මක වේ.47 දෙනකුගෙන් සමන්විත වු කැබිනට් මණ්ඩලය 42 දක්වා අඩුවී තිබීම විශේෂත්වයකි.

මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ආණ්ඩුවෙන් ඉවත්වූ කැබිනට් අමාත්‍යවරු 6 දෙනාගේ විෂයන් අනෙක් අමාත්‍යවරුන් වෙතට බෙදාදීම සිදුවූ අතර අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගෙන් විෂය පථයන් වෙනස් වු බවට වාර්තා වේ.

 

Read more

Local News