ලසිත් මාලිංගට ක්‍රිකට් කමිටුවෙන් රතු එළි දැල්වේ.

Share

ශ්‍රී ලංකාවේ සීමිත පන්දුවාර ජාතික කණ්ඩායම නියෝජනය කිරිමට අවශ්‍යනම් වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට දේශීය පිටියට පැමිණ තරග කරන ලෙස ක්‍රිකට් තේරිම් කමිටුව පවසා ඇති බව වාර්තා වෙයි.එසේ  නොවුණොහොත් ජාතික කණ්ඩායමට තෝරාගැනීමේදී ලසිත් මාලිංග පිළිබඳව සළකා නොබලන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මේ බව ප්‍රකාශ කර සිටියේය.

සුපිරි පළාත් එක්දින තරගාවලිය ලබන 17 දක්වා පැවැත්වෙන අතර තරගාවලිය අද දින අාරම්භ වේ.එ් සඳහා පළාත් හතරක කණ්ඩායම් 4 ක් එක්වේ.

 

Read more

Local News