මුදල් හා ජනමධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (10) සිය අමත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක දී පැවසුවේ, දිවයිනේ නොදියුණු ගම් දියුණු කිරීම සඳහා ”ගම් පෙරළිය” නමින් නව ව්‍යාපෘතියක් අගෝස්තු මස සිට ආරම්භ කිරීමට රජය තීරණය කර ඇති බවයි.
මේ සඳහා මෙවර අයවැයෙන් වෙන්කොට ඇති රුපියල් බිලියන 30ක මුදලක් සහ ඉන්ධන මිල සංශෝධනය කිරීමෙන් භාණ්ඩාගාරයට ඉතිරිවන බිලියන 55න් කොටසක් ද යොදවයි.
මෙම ගම්පෙරළිය කඩිනම් ව්‍යාපෘතියක් යටතේ ගම්වල ඇති කුඩා වැව් 2200ක් ප්‍රතිසංස්කරණය කෙරේ. එමෙන් ම සෑම ගමකම ”හරිත උද්‍යානය” බැගින් පිහිටවනු ඇත. එහි ජනතාවගේ ශරීර සෞඛ්‍ය රැකගැනීමට අවශ්‍ය ව්‍යායාම සහ ක්‍රීඩා පහසුකම් මෙන් ම පුස්තකාලයක්, භාවන යෝගී වැඩසටහන්, ධර්ම දේශනා පැවැත්වීම සඳහා ශාලාවක් ඉදිකෙරෙන අතර සන්නිවේදන කටයුතු සඳහා වයි ෆයි පහසුකම් ද සළසනු ලබේ.
එසේම ගමේ තිබෙන නොදියුණු කුඩා පාසල්, කුඩා පල්ලි, කුඩා කෝවිල්, දේවස්ථාන දියුණු කිරීමට ද කටයුතු කරන බවත් මෙම ”ගම්පෙරලිය” කඩිනම් සංවර්ධන ව්‍යාපෘතිය ඉදිරි මස 18 තුළ සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසී ය.