ත්‍රිකුණාමලයේ වෙඩි තැබීමක් – පුද්ගලයෙකු මරුට

Share

කාර් රථයකින් පැමිණි පුද්ගලයින් තිදෙනෙකු විසින් මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පලා ගොස් ඇත.

ත්‍රිකුණාමලය, සිරිමාපුර ප්‍රදේශයේ අද (11) උදෑසන 06.00ට පමණ මෙම වෙඩි තැබීම සිදු කර අැත.

මෙම වෙඩි තැබීමෙන් අවුරුදු 45ක් වූ සිරිමාපුර ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක් ත්‍රිකුණාමලය රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා ත්‍රිකුණාමලය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Read more

Local News