පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද

Share

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද පැවැත්වෙයි.

අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා කෙරෙනු ඇති.

සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල කියාසිටියේ අදාළ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට හෝ නොගැනීමට ද විවාදයට ගන්නේ නම් ඒ සඳහා දින නියම කිරීමටද හැකියාව ඇත්තේ පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදී බවයි.

මෙම විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට නුදුරු දිනයක් ලබාගැනීමට අද පැවැත්වෙන පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදී හැකිවනු ඇතැයි ඒකාබද්ධ විපක‍්ෂය පැවසීය.

Read more

Local News