දිවයිනට පැමිණි ජපාන හිටපු අග‍මැති සහ ජනපති අතර හමුවක්

Share

දිවයිනට පැමිණ සිටින ජපානයේ හිටපු අග‍්‍රාමාත්‍ය ආචාර්ය යුකියෝ හටොයාමා මහතා (14) දින පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවිය.

මෙහිදී ජනාධිපතිතුමා සමග සුහද කතා බහක නිරත වූ හිටපු ජපාන අග‍්‍රාමාත්‍යවරයා දෙරටේ අතීත මිතුදම ද සිහිපත් කළේය.

ජපාන හිටපු අග‍්‍රාමාත්‍යවරයාගේ ශ‍්‍රී ලංකා සංචාරය අගය කළ ජනාධිපතිතුමා නැවතත් ශ‍්‍රී ලංකාවට පැමිණෙන ලෙස ඉදිරියේදී විශේෂ ආරාධනාවක් සිදුකරන බව ප‍්‍රකාශ කළේය.

පොල්ගස් ඕවිට දහම් සෙවණ පන්සල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරෙන සදහම් සේවා ගොඩනැගිල්ලට මුල්ගල් තැබීමේ පුණ්‍යෝත්සවය සඳහා සහභාගීවීමට ජපාන හිටපු අගමැති ආචාර්ය යුකියෝ හටොයාමා මහතා දිවයිනට පැමිණ තිබේ.

ඒ මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයක් අනුව ඉදිකෙරෙන මෙම නව ගොඩනැගිල්ල මහල් 17 කින් සමන්විත අතර වැය කෙරෙන මුදල රුපියල් කෝටි 2500කි. දැනට මෙහි ඉංගී‍්‍රසි හා ජපාන භාෂා දැනුම ප‍්‍රදේශයේ දරු දැරියන්ට ලබාදීම සිදුකෙරෙන අතර ඉදිරියේදී වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට නියමිතය.

ඒ පිළිබඳ ජනාධිපතිතුමා සමග අදහස් හුවමාරුකරගත් ජපාන හිටපු අග‍්‍රාමාත්‍යවරයා ශ‍්‍රී ලංකාවේ මාර්ග තදබදය අවම කර ගැනීමේ ව්‍යාපෘති සහ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘතින් වෙනුවෙන් ඉදිරියේදී තම දායකත්වය ලබාදීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා හමුවේ සඳහන් කළේය.

Read more

Local News