නීතිවිරෝධිව තුර්කියට ඇතුලුවිමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයින් 08ක් අත්අඩංගුවට

Share

නීතිවිරෝධි ලෙස ජොර්ජියාව හරහා තුර්කියට ඇතුලුවිමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයින් 08 දෙනෙකු ජොර්ජියාවේදී අත්අඩංගුවට ගෙන තිබ‌ෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ජොර්ජියානු ආරක්ෂක අංශ විසින් ඇජාරා දේශසීමාවේදී මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් ජොර්ජියාවේ අපරාධ නීති සංග්‍රහයට අනුව විමර්ශන පැවැත්වෙන අතර ජොර්ජියානු නීතියට අනුව මෙවැනි වරදක් සම්බන්ධයෙන් විදේශිකයෙකුට වසර 04ත් 05ත් අතර සිර දඩුවමක් හිමිවනු ඇති බව සඳහන් වෙයි.

Read more

Local News