Home දේශීය පුවත් පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම්වරිය සිව් දින නිල සංචාරයක් සඳහා හෙට ම‌ෙරටට

පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම්වරිය සිව් දින නිල සංචාරයක් සඳහා හෙට ම‌ෙරටට

0
පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම්වරිය සිව් දින නිල සංචාරයක් සඳහා හෙට ම‌ෙරටට
පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය සිව් දින නිල සංචාරයක් සඳහා හෙට (01) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
2016 වර්ෂයේ අප්‍රේල් මාසයේ දී මහලේකම් ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය වේ.
මෙම සංචාරය තුළ දී පොදුරාජ්‍ය මණ්ඩල‍යේ මහලේකම්වරිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ඇතුළු රජයේ ඉහළ පෙලේ මැති ඇමතිවරුන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here