යුරෝපයේ රටවල් රැසක වාර්තා ගත ලෙස උෂ්ණත්වය ඉහළට

Share

යුරෝපයේ රටවල් රැසක වාර්තා ගත ලෙස උෂ්ණත්වය ඉහළ ගොස් තිබ‌ෙ‌න බව විද‌ෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

දශක ගණනාවකින් අනතුරුව යුරෝපය උෂ්ණත්ව වාර්තා අලුත් කිරීමට ආසන්න බව එරට කාලගුණ බලධාරින් සදහන් කර ඇත.

අද සහ හෙට දින තුළ එම රටවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 47 ඉක්මවනු ඇතැයි අනාවැකි පළ වී ඇති බව වාර්තා වේ.

1977 වසරේ ජුලි මාසයේ දී සෙල්සියස් අංශක 48ක වැඩිම උෂ්ණත්වයක් වාර්තා වී ඇත්තේ ග්‍රීසියේ ඇතෑන්ස් නුවරින් ය. එම වාර්තාව මේ වන විට බිඳ හෙළිමට ආසන්න බව කාලගුණ බලධාරීන් පෙන්වා දී ඇත.

Read more

Local News