ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර සිව්වන එක්දින තරඟය අද

Share

ශ්‍රී ලංකාව  සහ සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තරඟ 05කින් සමන්විත එක්දින තරඟාවලියේ සිව්වන එක්දින තරඟය අද (08) පැවැත්වෙයි.

නුවර – පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී දිවා රාත්‍රි තරඟයක් ලෙස තරඟය පැවැත්වෙයි.

ඒ අනුව තරඟ 05කින් සමන්විත එක්දින තරඟාවලිය තරඟ තුනට බිංදුවක් ලෙස දකුණු අප්‍රිකාව මේ වන විට ජයගෙන සිටියි.

අප්‍රිකානු කණ්ඩායමේ නිත්‍ය නායක ෆෆ් ඩුප්ලෙසි මීට පෙර පැවැති තෙවන එක්දින තරඟයේදී පන්දුවක් රැකීමට ගොස් සිදු වූ අබාධයක් හේතුවෙන් ඉදිරි තරඟ සියල්ල ඔහුට අහිමි ව‌ෙයි.

Read more

Local News