බස් රථයක් නෝනාගම වැවට පෙරළීමෙන් පුද්ගලයෙකු මරුට

Share

කතරගම – කොළඹ ප්‍රධාන මාර්ගයේ හුංගම ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් නෝනාගම වැවට පෙරළීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඉන් තවත් 4 දෙනෙකු තුවාල ලබා ඇති බව ය.

ඔවුන් අම්බලන්තොට රෝහලට ඇතුළත් කර තිබේ.

රියදුරුට බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව එය මාර්ගයෙන් ඉවතට පැන වැවට පෙරලී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ.

මිය ගොස් ඇත්තේ කතරගම පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

Read more

Local News