හම්බන්තොට “සඳකිරණගම” උදාගම්මානය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට

Share

නව උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්වන 105වන උදා ගම්මානය වන හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිරිබෝපුර “සඳකිරණගම” ජනතා අයිතියට පැවරේ.
ඒ අද (11) නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.
මෙහි මුළු නිවාස ගණන 31කි. නිවාස ඉදිකර ගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිලාභීන් වෙත අඩුපොළී නිවාස ණය ලබාදී තිබෙන අතර මෙය ද ප්‍රජා සහභාගීත්ව නිවාස සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ඉදි වූ උදා ගම්මානයකි.
“සඳකිරණගම” ගම්මානයේ මුළු භූමි ප්‍රමාණය අක්කර 2 1/4කි. සෑම නිවසකටම පර්චස් 10බැගින් ලබාදී තිබේ.
ගම්මානය විදුලිය හා පිරිසිදු පානීය ජල සැපයුමකින්ද, විධිමත් ව සකස් කළ ප්‍රවේශ හා අභ්‍යන්තර මාර්ග පද්ධතියකින් ද සමන්විතය.

Read more

Local News