අමෙරිකානු ජනපති විවේචනය කළ FBI ප්‍රධානියෙකු ධුරයෙන් ඉවත් කරයි

Share

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විවේචනය කරමින් කෙටි පණිවුඩ යැවීම හේතුවෙන්, එෆ් බී අයි සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙකු වන පීටර් ස්ට්‍රෝක් ධුරයෙන් ඉවත්කර තිබේ.

ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත් වූ පසු, එෆ් බී අයි සංවිධානයේ ධුරයෙන් ඉවත් කළ තුන්වන ඉහළ පෙළේ නිලධාරියා මොහු බවයි සඳහන් වන්නේ.

ඉකුත් ජනපතිවරණයේදී ජනපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි සේ විවේචනයට ලක් කිරීම හේතුවෙන් ස්ට්‍රෝක් මෙලෙස ධුරයෙන් ඉවත් කර තිබේ.

Read more

Local News