ධීවරයින් 11ක් සමඟ මුහුදු ගිය යාත්‍රාව හික්කඩුව මුහුදේදි දිය රැළකට හසුවෙයි

Share

අම්බලන්ගොඩ ධීවර වරායෙන් මුහුදු ගිය යාත්‍රාවක් ඊයේ (19දා) හික්කඩුව ප්‍රදේශයට ආසන්න මුහුදු සීමාවේදී දිය රැළකට හසුවී අනතුරකට ලක්ව ඇතැයි පොලීසිය පවසයි.

මෙම යාත්‍රාවේ පුද්ගලයන් 11 දෙනෙකු ගමන් කර ඇත.

මෙම යාත්‍රාවේ ධීවරයන් ඊයේ පස්වරුවේ තම ඥාතීන්ට ජංගම දුරකථනයෙන් අමතා තමන් අනතුරට ලක්ව ඇති බවට දැනුම්දී ඇත.

අනතුරුව ඊයේ රාත්‍රි 9 න් පසු මොවුන් සමඟ පැවති දුරකථන සම්බන්ධතා බිඳවැටී ති‌බේ.

නාවික හමුදාව යාත්‍රාව සේවීමේ කටයුතුවල නිරත වෙයි.

Read more

Local News