ක්ෂේත්‍ර කිහිපයක සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ සහය බංග්ලාදේශය බලාපොරොත්තු ව‌ෙ‌යි

Share

බංග්ලාදේශයේ සංචාරයකට එක්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත බංග්ලාදේශ සැලසුම් අමාත්‍ය ඒ.එච්.එම්. මුස්තෆා කමල් මහතා ආරාධනා කරනු ලැබීය.

වියට්නාමයේ හැනොයි නුවර ඉන්දීය සාගර සමුළුවට පූර්වගාමීව ද්විපාර්ශවික සාකච්ඡා වාරයන් ආරම්භ කරමින් අග්‍රාමාත්‍යවරයා හා බංග්ලාදේශ අමාත්‍යවරයා අතර හමුව අද (27දා) පැවැත්විණ.

මේ අතර තේ, ධීවර, ඖෂධ හා සම් කර්මාන්තයන්හි මෙන් ම අධ්‍යාපන හා මුල්‍ය ක්ෂේත්‍රයන්හි සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ සහය සහ විශේෂඥ උපදෙස් බලාපොරොත්තු වන බව ද සැලසුම් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

Read more

Local News