දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක්

Share

ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක පවතින ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව හැර, දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බව කාලගුණවිද්‍යා ද‌ෙපාර්තමේන්තුව අද (05) නිකුත් කළ නිවේදනය‌ේ දැක්ව‌ෙයි.

උතුරු පළාතේ සහ මාතලේ, හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පොතුවිල් ප්‍රදේශයේත් විටින් විට හමන පැ.කි.මී. 40-50 දක්වා තරමක තද සුළං ඇතිවිය හැක.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී.

අද දින දහවල් 12.08 රත්මලාන, පරකඩුව, මඩහින්න, බණ්ඩාරවෙල, හිඟුරුකඩුව සහ ඇතිමලේ යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.

Read more

Local News