තෙදින නිල සංචාරයක් සඳහා අගමැති අද වියට්නාමයට

Share

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (10) තෙදින නිල සංචාරයක් සඳහා වියට්නාමය බලා පිටත්ව ගොස් ඇත.

වියට්නාමයේ හැනෝයි නුවර පැවැත්වෙන “ආසියාන්” ලෝක ආර්ථික සමුළුව සඳහා සහභාගී වීමට අග්‍රාමාත්‍යවරයා වියට්නාමය බලා පිටත් වු බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

සමුළුවේ ආරම්භක සැසිවාරයේ දී වියට්නාම අග්‍රාමාත්‍යවරයා විසින් පිළිගැනීමේ දේශනය සිදුකිරීමට නියමිත අතර සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා සහ චීන උප අග්‍රාමාත්‍යවරයා ද අදහස් දැක්වීමට නියමිතයි.

Read more

Local News