අගමැති යළි දිවයිනට පැමිණ‌ෙයි

Share

වියට්නාමයේ පැවැති ලෝක ආර්ථික සමුළුවට සහභාගි වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නියෝජිත පිරිස ඊයේ (13) රත්‍රිය‌ේ දිවයිනට පැමිණ තිබේ.

මේ අතර ආසියාන් සංවිධානයට සහ ආසියානු ආර්ථිකයේ දැවැන්තයන්ට ඉදිරි දශක කිහිපය තුළ සුවිශේෂ කාර්යය භාරයක් පැවරෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

වියට්නාමයේ හැනෝයි නුවර පැවැති ආසියානු ලෝක ආර්ථික සමුළුවට සමගාමීව ආසියානු භු දේශපාලනික ස්වරූපය මැයෙන් ඊයේ පැවැති සාකච්ඡා මණ්ඩපයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

Read more

Local News