හොං කොං පරදා ඉන්දියාවට ජය

Share

2018 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් සිව් දෙනාගේ තරඟ වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

ඒ, ඊ‌යේ (18) හොං කොං කණ්ඩායම සමඟ පැවැති තරඟය ලකුණු 26කින් ජය ගනිමිනි.

කාසියේ වාසියේ දිනාගත් හොං කොං කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ඉන්දීය කණ්ඩායම ආරාධනා කළ‌ේය.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කර ගත් ලකුණු සංඛයාව 285කි.

ආරම්භක පිතිකරු ශිකර් ධාවාන් සිය එක්දින දිවියේ 14 වන ශතකය වාර්තා කරමින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 127කි. ඔහුගේ ඉනිමට හතරේ පහර 15ක් හා හයේ පහර 2ක් ඇතුළත් ය.

අනතුරුව ලකුණු 286ක දැවැන්ත ඉලක්කයක් සඳහා හොං කොං ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසියේ නායක අනුශ්මන් රත් හා නිසාකට් ඛාන් ය.

නමුත් හොං කොං කණ්ඩායමට පන්දුවාර 50 අවසානය‌ේ ක්‍රිඩකයින් 8 ද‌ෙන‌ෙකු දැවී රැස් කර ගැනීමට හැකි වුය‌ේ ලකුණු 259ක් පමණි.

Read more

Local News