අදත් පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

38

උතුර, නැගෙනහිර, උතුරු-මැද, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, කළුතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (24) නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක් පමණ තද වැසි දඇති විය හැක.

සබරගමුව පළාතේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර සහ වයඹ පළාත්වල වෙරළබඩ ප්‍රදේශවලටඋදෑසන කාලයේදී සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ.