දෙවැනිවර කියවීමේ විවාදය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් ආරම්භ කරයි

Share

මහනගර සභා (සංශෝධන ) පනත් කෙටුම්පත,  ප්‍රාදේශීය සභා (සංශෝධන ) පනත් කෙටුම්පත සහ නගර සභා (සංශෝධන ) පනත් කෙටුම්පත සඳහා අද (9) පාර්ලිමේන්තුවේ දී දෙවැනිවර කියවීමේ විවාදය පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් ආරම්භ කළේ ය.

විවාදය ආරම්භ කරමින් අඳහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ පැවසී ය.

නව ඡන්ද ක්‍රමය තුළ තාක්ෂණික සංශෝධනයක් තිබෙන්නේ. සමානුපාතික ක්‍රමයට හා කොට්ඨාශ ක්‍රමයට අමාත්‍යවරයාට සංස්ථාපනයේ දී බලය තිබීම අවශ්‍යයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ පළාත් පාලන ඡන්ද ක්‍රමය පනතේ සීමා නීර්ණ කටයුතුවල අඩුපාඩු තිබුණා.රටට දූෂිත මනාප ක්‍රමය තිබුණා. මිශ්‍ර ක්‍රමයක් තුළින් ඡන්දය තියන්න හැකියාව තිබෙනවා. ඡන්දය කල්දමන්න  අවශ්‍යතාවක් නෑ. සහතික වෙනවා. මෙම සංශෝධන සමඟ ජනවාරිවල ඡන්දය පවත්වනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

 

Read more

Local News