Home දේශීය පුවත් මාතර වෙඩි තැබීමක් – පුද්ගලයෙකු මරුට

මාතර වෙඩි තැබීමක් – පුද්ගලයෙකු මරුට

0
මාතර වෙඩි තැබීමක් – පුද්ගලයෙකු මරුට

මාතර, ඌරුබොක්ක ප්‍රදේශයේ අද(22) උදෑසන හුලංකන්ද, දම්පහල මාර්ගයේ දී වෙඩි තැබීමක් සිදුව ඇත.

වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා හීගොඩ රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 44 ක් වු අකුරැස්ස වත්ත, වලස්මුල්ල පදිංචි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කරයි.

මිය ගිය පුද්ගලයා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටිය දී වෙඩි තැබීමට ලක්ව ඇත. ඌරුබොක්ක පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here