බුද්ධාගමට කරන නිග්‍රහ නවත්වන්න

Share

බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලය ජනපතිගෙන් ඉල්ලයි

පූජනීය දළදා වහන්සේටත් ලලාට ධාතූන් වහන්සේට සහ අස්ගිරි මහනායක හිමියන්ට පිටිදුවේ සිරිධම්ම හිමියන් කර ඇති අපහාස පිළිබඳ නීත්‍යානුකූල පියවර ගන්නා ලෙස බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටියි

එම කාර්ය සාධක බණ්ඩලය සමලේකම්වරුන් වන ත්‍රිකුණාමලයේ ආනන්ද මහා නායක හිමියන්ගේ සහ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන්ගේ අත්සනින් යුතුව යවන ලද විවෘත ලිපියක් මගින් මෙම ඉල්ලීම සිදුකර තිබේ

පිටිදුවේ සිරිධම්ම හිමියන් කර ඇති එම ප්‍රකාශය බව ද සමාජයේ අතිශයින් කනස්සල්ලට පත් කරන කරුණක් වී ඇතැයි දක්වා ඇති එම ලිපියෙහි මුළු ලෝකයේම කීර්තියට පත්ව ඇති බෞද්ධ සංස්කෘතික උරුමය හා බෞද්ධ හර පද්ධතියට එමඟින් විශාල හානියක් සිදුව ඇති බව සඳහන්කර ඇත රහතන් වහන්සේ නමක් ලෙස නිර්ලජ්ජිතව පෙනී සිටින මෙම හිමිනම සම්බන්ධයෙන් නීත්‍යානුකූලව පියවර ගැන ඔහුගෙන් සම්බුද්ධ ශාසන විලෝපනය වන ක්‍රියාදාමය වළක්වන ලෙස ඉල්ලා තිබේ සම්බුද්ධ ශාසනය හා සංඝ සමාජය සුරක්ෂිත කිරීමට ඉවහල්වන කථිකාවක් ලියාපදිංචි කිරීමේ පනත කඩිනමින් සම්මත කිරීමට පියවර ගන්නා ලෙසද එම ලිපිය ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත

Read more

Local News