රාජිත අාණ්ඩුවට එක්වේ යැයි නාවලපිටියේ උද්ඝෝෂණ

Share

නාවලපිටිය මුලික රෝහලේ වෛද්‍යවරුන් අද (02) දහවල් කැම පැයේ විරෝධතාවයක නිරත වී අැති බවට වාර්තා වෙයි.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වත්මන් රජයට එක් වි සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබා ගැනිමට සුදානමක් පවතින බවට ලද තොරතුරක් මත මෙම විරෝධතාවයක් සිදු කරනු ලැබුවා.

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ ඉල්ලිමක් පරිදි නාවලපිටිය මුලික රෝහලේ වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් රෝහල ඉදදිරිපිට විරෝධතා පුවරු රැගෙන මෙම විරෝධතාවයක නිරත විය.

මෙම විරෝධතාවයට එම රෝහලේ වෛද්‍යවරුක් 35 දෙනෙකු පමණ සහභාගි වි අැති බවට ද වාර්තා වෙයි.

Read more

Local News