නව රජයට රාජිත එපා කියා හතරවටෙන් විරෝධය

Share

රාජිත සේනාරත්න නව රජයට එක් වීමට සාකච්ඡා පවත්වමින් සිටින බවට දේශපාලන ආරංචිමාර්ග පවසයි.

නවතම ආරංචි මාර්ග පවසන්නේ අගමැති මහින්ද රාජපක්ෂ ගේ රජයේ ද සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස රාජිත සේනාරත්න දිවුරුම් දීමට ඉඩ ඇති බවයි.

කෙසේ වෙතත් රාජිත සේනාරත්න නව රජයට එක්වන බවට පැතිර යන ආරංචිත් සමග විවිධ කේශ්ත්‍රවලින් විරෝධය එල්ල වෙමින් පවතී.

යම් හෙයකින් රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස පත් කළහොත් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (02) ප්‍රකාශ කර තිබුණි.

මේ සම්බන්ධයෙන් ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයද විරෝධය පා ඇති අතර එම සංගමයේ ලේකම් මහාචාර්ය චන්න ජයසුමන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ රාජිත සේනාරත්නට කුමන අමාත්‍යංශයක් ලබා දීමට තමන් විරුද්ධ බවයි.

මේ අතර අද දහවල් නාවල පිටිය මූලික රෝහලේ වෛද්‍යවරුන්ද කෑම පැයේදී මේ සම්බන්ධයෙන් විරෝධය පා ඇත.

Read more

Local News