එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා සහ හේෂාන් විතානගේ මහතා පහර දීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
පසුගිය නොවැම්බර් මස 1 වන දින සවස අරලියගහ මන්දිරය ඉදිරිපිට දී විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතාට පහර දීමක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දෙදෙනා මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.
ඔහු තවත් කිහිප දෙනෙකු සමඟ අරලියගහ මන්දිරය ඉදිරිපිටින් මාර්ගයේ පැමිණෙමින් සිටිය දී අරලියගහ මන්දිරය තුළ සිටි පිරිසක් විසින් මෙලෙස පහර දුන් බව අජිත් ප්‍රසන්න මහතා කියා සිටියේය.
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා හා රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂාන් විතාරණ මහතා සහ තවත් පිරිසක් පැමිණ තමාට ඉතා අසභ්‍ය ලෙස බැන වැදෙමින් පහර දුන් බව පවසමින් ඔහු කොල්ලුපිටිය පොලීසියේ මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කර තිබුණි.