හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවන්න සජිත් කියයි

Share

රට තුළ ඇතිව තිබෙන තත්ත්වය විසඳිය හැකි සාධාරණම විසඳුම වන්නේ නැවත හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවීමෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රටේ දේශපාලන තත්ත්වය පිළිබඳ කරුණු පැහැදිලි කරමින් අද(07) අරලියගහ මන්දිරයේ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් මෙහිදී කියා සිටියේ අද වන විට දේශපාලනයේ අඳුරුතම යුගයට පැමිණ තිබෙන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගැසීමෙන් නව ආණ්ඩුවක් නීතිවිරෝධි ලෙස පත් වීම මුළු මහත් රටම පිළි නොගන්නා බවයි.

විශේෂයෙන්ම මෙම නීති විරෝධි ක්‍රියාවලිය තුළ මුළු මහත් මාතෘ භූමියම අනතුරට ලක් ව ඇති බවත්, රටක රජයකට ඇති පිළිගැනීම ජාත්‍යන්තරය තුළ අහිමි වීමේ තත්ත්වයට ශ්‍රී ලංකාව ද මුහුණ පා සිටින බව මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Read more

Local News