වැව කැඩී පිරිසක් අතුරුදන් – ජීවිත 6ක් බේරෙයි

Share

මුලතිව්, මුහුදුබඩපත්තුව, කුමුලමුනෙයි නැගෙනහිර ප්‍රදේශයට අයත් නිත්තකේක්කුලම වැව කැඩී යාමෙන් වැව අසළ ජීවත්වු පිරිසක් අතුරුදහන් වී අැත. අතුරුදහන්වූ පිරිසගෙන් මේ වන හය දෙනෙකු බේරා ගැනීමට ගුවන් හමුදා නිලධාරීන් සමත් විය.

මේ වන විටත් යුද හමුදාවේ 64 වන සේනාංකායේ නිලධාරීන් ඇතුලු ගුවන් හමුදා නිලධාරීන්ද එක්ව විපතට පත් වැසියන් බේරා ගැනීමේ කටයුතු සිදු කරමින් සිටියි.

ප්‍රදේශ‍යේ ගොවි ජනතාව පැවසූවේ වැව කැඩීම හේතුවෙන් ප්‍රදේශයේ කුඹුරු ඉඩම් සියල්ල යටවීමත් සමඟ වැස්ස වැඩි වුවහොත් ජල ගැලීම් හේතුවෙන් ගම්මාන යටවීමේ අවධානමක් මතුව ඇති බවයි.

වසර 35 කට පසුව වැව මේ වර්ෂයේ රුපියල් මිලියන 15 ක මුදලින් ප්‍රතිසංස්කරණය කොට තිබු අතර, එලෙස ප්‍රතිසංස්කරණය කළ වැව මෙලෙස කැඩී ගොස් ඇති බවද ප්‍රදේශවාසීන් පැවසූහ.

මුලතිව් ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් පැවසූවේ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ නිවාස රැසක් ජලයෙන් යටවි ඇති බවයි.

Read more

Local News