අතයි පොහොට්ටුවයි දෙකම නැති වෙයි

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව නව සන්ධානයකින් තරඟ කිරීමට පක්‍ෂ දෙකේ නායකයන් ඊයේ (12දා) රාත්‍රී තීරණය කර තිබේ.

මේ අනුව නව සන්ධානයේ ව්‍යවස්ථාව සකස් කිරීමට හා සන්ධානයේ නම, ලාංඡනය තීරණය කිරීම සඳහා කමිටු දෙකක්ද පත් කර ඇත.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද සමරසිංහ යන මහත්වරුන් හා ඩිලාන් පෙරේරා මහතා සහභාගි වී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශ්වය වෙනුවෙන් අග්‍රාමත්‍ය මහින්ද රාපජක්ෂ, අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන් හා බැසිල් රාජපක්ෂ, වාසුදේව නානායක්කාර මහතා සහභාගිවී ඇත.

Read more

Local News