කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම මේ වන විට ආරම්භ කළ ඇති බව වාර්තා වේ.
නිවේදනයක් නිකුත් කරමින් කථානායක කාර්යාලය සඳහන් කළේ අද පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්වන බවට මන්ත්‍රීවරුන් සියලු දෙනාට කථානායක කරූ ජයසූරිය මහතා දැනුම් දුන් බවයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2018 නොවැම්බර් මස 04 වන දින නිකුත් කරන ලද අංක 2095/50 දරණ ගැසට් නිවේදනය ප්‍රකාරව පාර්ලිමේන්තුව අද රැස්වන බව කථානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
ඒ අනුව අද පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස සියලු මන්ත්‍රීවරුන්ට දැනුම්දුන් බව කථානායක කාර්යාලය සඳහන් කළේය.
මේ අතර , මන්ත්‍රීවරුන් අද උදෑසනින්ම පාර්ලිමේන්තුව වෙත රැස්ව සිටින බවද වාර්තා වේ.
කෙසේ වෙතත් පක්ෂ නායක රැස්වීමේ දී ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව ද වාර්තා වෙයි.
සභානායක ලෙස පසුගිය වාර්තාවන්ට අනුව තවමත් වාර්තා පොත්වල සටහන් වෙන්නේ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නමුත් නව සභානායකවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා පත් කර තිබේ.