කඩිනම් තීරණයක් ගන්නැයි මහානා හිමියෝ ජනපතිගෙන් ඉල්ලති

Share

පවතින දැඩි අර්බුදකාරී තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව රැස්කර කඩිනම් තීරණයක් ගන්නැයි මල්වතු පාර්ශවයේ මහානායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන ස්වාමින්වහන්සේ ජනපතිගෙන් ඉල්ලා සිටියි.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද(16) ජනාධිපතිවරයාට විශේෂ ලිපියක් ලියමිනි.

පසුගියදා නව අගමැතිවරයෙකු පත් කිරිමත්, නව කැබිනට් මණ්ඩලයක් පත් කිරිමත් පිළීබඳ පක්ෂ විපක්ෂ දෙපාර්ශවයේම පිරිස් හා විවිධ දේශපාලනික මත දරණ කණ්ඩායම් මෙන්ම රටවැසියන් හා දෙස්-විදෙස් දෙපාර්ශවයට ද මේ වනවිට රට පත්ව අැති දේශපාලනික අපරාජිකත්වය පිළිබඳව විවිධ මත දරණ බව සැමට පැහැදිලිව පෙනෙන්නට අැති බවද එම ලිපියේ සඳහන් වෙයි.

එම සම්පූර්ණ ලිපිය පහතින් දැක්වෙයි.

Read more

Local News